The Department of Immigration and Emigration has extended the validity of all passports that expire from June end by one year until the issuance of the e-passport project takes off in January next year.
රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගුරුවරුන් උදෑසන කාලයේ අනිවර්යයෙන්ම පාසල් තුළ රැදී සිටිය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සඳහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය (SARP) මඟින් වව්නියාව දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන වැව් හතක ප්‍රතිසංස්කරණ කටයුතු පසුගියදා (7) ආරම්භ විය.
උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ නව විදුලිබල පනත් කෙටුම්පත වෙනුවෙන් කථානායකවරයාගේ සහතියකය ඊයේ (27) හිමි විය.
දිවයින පුරා පැවැත්වෙන පොසොන් මහෝත්සවයට අදාළව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙන පුරප්පාඩුව පිරවීම සඳහා අයදුම්පත්‍ර කැඳවනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ජාතික පද්ධතියට සම්බන්ධ සමස්ත සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීම මෙගා වොට් 1000 ඉක්මවීමට මෙම වසරේ ජුනි මාසය වන විට සමත්ව ඇත.
අ.පො.ස. උසස් පෙළ විභාගය 2024 සඳහා පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ලබාදී තිබෙන උපදෙස් කියවා නිවැරදිතව මාර්ගගතව (online) අයදුම්පත්‍ර 2024.07.10 යොමු කරන ලෙස සියලුම අයදුම්කරුවන්ට විභාග කොමසාරිස් ජනරාල්වරයා දන්වා සිටි.
විඩිදුර තොරතුරු පහත නිවේදනයේ දක්වා තිබේ.

පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා පනවා ඇති කිසිදු නීතියක් කිසිදු හේතුවක් මත ආපසු හැරවීමට කටයුතු නොකරන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති බව පළාත් සභා, පළාත් පාලන හා පරිසර රාජ්‍ය අමාත්‍ය ජනාධිපති ජානක වක්කුඹුර මහතා පැවසීය.
හෙට (28 ) සාමාන්‍ය පරිදි රජයේ සියලුම පාසල් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අධ්‍යාපනයේ සමසාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි, විනිවිදභාවයෙන් යුතුව සහ අක්‍රමිකතා අවම වන අයුරින් පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ ප්‍රකාරව සිදු කරනු ලබයි.
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් රියදුරු උපදේශක සහ සහකාර රියදුරු උපදේශක පත්වීම් ලබාදීම ,කොළඹ පදනම ආයතනයේදී පැවැත්විණි.
Page 46 of 647