Wednesday, August 20, 2025
Follow Us
State

දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අද (12) පැවසීය.

State

චැනල් 4 නාලිකාව විසින් පසුගියදා විකාශය කරන ලද ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහන මගින් හෙළිදරව් කරන ලද තොරතුරු සහ එල්ල කරන ලද බරපතල චෝදනා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට නියමිතය.

State

රටේ ආරක්ෂාව පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ පළමු පියවර වන “ආරක්ෂක තත්ත්ව සමාලෝචනය -2030” යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළේය.

State

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ස්වදේශ කටයුතු රාජ්‍ය ආමාත්‍යාංශයට අයත් සෙසු සියලුම ආයතනවල සේවය කරන නිලධාරීන් කරන්නේ යැයි කියන අකටයුතුකම් 1905 යන කෙටි දුරකථන අංකයට පැමිණිලි කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

State

තැපැල් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය කිසිදු මාර්ගගත ගනුදෙනුවක් සඳහා පහසුකම් සලසා නොමැති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී. 

State

ඉදිරි වසර තුළ මෙරට සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර බිහි කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා අධ්‍යාපන විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි පිළිගත් විශ්වවිද්‍යාලයක් වශයෙන් 2027 වන විට අධ්‍යාපනවේදී උපාධිධාරී ගුරුවරුන් බිහි කරන ආයතනයක මට්ටමට ගෙන ඒම සිය අපේක්ෂාව බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

State

කොළඹ දුම්රිය පර්යන්තයේ දුම්රිය අංගනයේ තාක්ෂණික නිළධාරීන් හා එන්ජින් ෂන්ටින් රියදුරන් විසින් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තුව පවසයි.

State

විදේශිකයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට නම් වෛද්‍ය සංචාරක ව්‍යාපාරය (Medical Tourism) සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් පවත්වාගෙන යාම අත්‍යාවශ්‍ය බවත්, ඒ සඳහා සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ නැවත අවධානය යොමු කළ යුතුව තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

 

මගී ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

සංවර්ධනය කෙරෙමින් පවතින උතුරු දුම්රිය මාර්ගයෙන්යෙන් ඉවත් කෙරෙන රේල් පීලි ඇතුළු භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් සිදුකෙරෙන මෙම පුනරුත්ථාපන ව්‍යාපෘතිය වසර දෙකක් තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇත. මාර්ගයේ පවතින දුර්වල තත්වය හේතුවෙන් දැනට පවතින වේග සීමා 49  වසරක් තුළ ඉවත් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුමයි.

 

කිලෝමීටර් 59 ක දිගින් යුතු මරදාන සිට අවිස්සාවේල්ල දක්වා වන කැළණිවැලි දුම්රිය මාර්ගය පුනරුත්ථාපනය කිරීම සඳහා රේල් පීලි 2359 සහ කොන්ක්‍රීට් සිල්පර 25728ක්‌ යොදා ගැනීමට නියමිත වේ. ඒ වෙනුවෙන් ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් කෝටි  127කි.

මෙම අවස්ථාවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ ආරම්භ වූ කැලණි වැලි දුම්රිය මාර්ගය අද්‍යතන  යුගයට ගැළපෙන අයුරින්, ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීම උදෙසා විදුලි දුම්රිය මාර්ගයක් බවට පරිවර්තනය විය යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රමානුකූල නිශ්චිත වැඩපිලිවෙලක් යටතේ දුම්රිය මාර්ගය නවීකරණය ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ සිදු කිරීමට සැලසුම් සකස් කර තිබුණා.නමුත් පළාතේ අවාසනාවකට හිටපු ජනාධිපතිවරයාගේ කාලය තුළ එම ව්‍යාපෘතියේ ඵලදායිතාව පිළිබඳව සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා. ඒ අනුව මෙය ඵලදායි නොවන ව්‍යාපෘතියක් ලෙස මෙම කමිටුව නිර්දේශයක් ලබා දුන්නා. එම නිසා ලැබීමට නියමිතව තිබූ ආසියානු සංවර්ධන බැංකු ණය මුදල අත් හිටවනු ලැබුවා. එම රජයේ අමාත්‍යවරුන් ලෙස මමත් වත්මන් අග්‍රාමාත්‍යතුමාත් නැවත එම ව්‍යාපෘතිය ලබා ගැනීම සඳහා විශාල මැදිහත්වීමක් සිදුකලා. අයවැය යෝජනාවක් ලෙස ඇතුලත් කලා. නමුත්  දේශපාලනඥයින්ට වඩා ඉහලින් සිටින නිලධාරීන්ගේ තීරණ වල අවාසනාවන්ත ප්‍රතිපලයක් ලෙස ඒ වටිනා ව්‍යාපෘතිය අහිමිව ගියා. මා විෂය භාර අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ඒ වෙනුවෙන් ගත හැකි සෑම උත්සාහයක්ම දරුවත් එය සාර්ථක වූයේ නැහැ.දැනට රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු නැවත ණය මුදලක් ලබා ගැනීම අපහසුයි.

ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇතුලු ජාත්‍යන්තර සංවිධාන කටයුතු කරන්නේ සියලු රටවල් පිලිබඳ පිළිගත් ක්‍රමවේදයකට අනුවයි. ශ්‍රී ලංකාවේ සෑම රජයකටම පැවති පොදු ගැටළුව  අද දක්වාත් නොවිසඳී පවතිනවා. රජයට ලැබෙන බදු අදායමින් සිදු කල හැකි වන්නේ කටයුතු දෙකයි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා එයින් 72%ක්‌ වැය වනවා. සමෘද්ධි ඇතුලු සහනාධාර ගෙවීම සඳහා 28%ක්‌ වැය වනවා. එවිට භාණ්ඩාගාරයේ ශතයක් හෝ ඉතිරි වන්නේ නැහැ.

ඒ අනුව පැවතුනු සෑම රජයක්ම සෑම සංවර්ධන කටයුත්තක්ම සිදුකර තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්. නමුත් ඒ පිලිබඳ සත්‍ය ජනතාවට පැහැදිලි කර දී නැහැ. මේ තත්වය යටතේ තව දුරටත් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදුකර, වැටුප් වැඩි කිරීම සිදු කළහොත් මුළු බදු අදායමම වැටුප් ගෙවීමට වෙන් කිරීමට සිදු වනවා.

මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සිදු කරන සාකච්ඡා ඔක්තෝම්බර් මාසය වන විට සාර්ථක කරගනිමින් ලෝකය සමඟ එකඟතාවයකට එළඹෙන්නට හැකි වනු ඇති.

ඉන් අනතුරුව නතර වී ඇති සියලු සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව ලැබෙන ඇති බව මා විශ්වාස කරනවා.

එතෙක් පවතින සම්පත් පරිස්සමෙන් යුතුව කළමනාකරණය කර ගනිමින් අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීමට අප පියවර ගෙන තිබෙනවා.ඒ අනුව උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ දී ඉවත් කරනු ලබන භාවිතයට ගත හැකි කොටස් යොදා ගනිමින් කැළණි මිටියාවතේ මෙම දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය අද ආරම්භ කරනවා මෙන්ම,  අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

වසර හතරකට පසු ආසියානු සංවර්ධන බැංකු ණය යටතේ මෙරටට ලැබුණු රේල් පීලි දස දහසක් රැගත් නෞකාවක ගොඩබෑම් පසුගියදා අවසන් වුණා.

එම සම්පත් ද යොදා ගනිමින් මෙම ප්‍රතිසංස්කරණ කාර්යය අවසන් කිරීමෙන් අනතුරුව අවිස්සාවේල්ල සිට කොළඹට ගමන් කිරීමට ගතවන කාලය තවත් පැය භාගයකින් අඩු වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ සමඟම සංඥා පද්ධතියේද වෙනසක් සිදු කරනවා.

State
ශ්රී ලාංකේය ජනමාධ්යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් වාර්ෂිකව ක්රියාත්මක කරනු ලබන ‘‘ඇසිදිසි ජනමාධ්ය ශිෂ්යත්ව වැඩසටහන“ මෙවර ද ජනමාධ්ය අමාත්යංශය මඟින් ආරම්භ කර ඇත.
State

ආරක්‍ෂක අමාත්‍යාංශය පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් Channel 4 හි අසත්‍ය චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කළ නිවේදනක් නිකුත් කර තිබේ. එය පහත සඳහන් පරිදි වේ.

"ළමුන් සහ විදේශිකයන් ඇතුළු අහිංසක ජීවිත 270 කට ආසන්න පිරිසකගේ ජීවිත බිලිගත් ලොවම කම්පා කළ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ප්‍රජාව භීතියෙන් බලා සිටියහ. මෙම ව්‍යසනයෙන් පසුව, ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පුළුල් පරීක්ෂණ දියත් කළේය.

State

2022 අ.පො. ස උසස් පෙල ප්‍රතිඵල මත 2022/23 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට අයදුම්පත් යොමුකිරීම සැප්තැම්බර් 14 වන දා සිට මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ ආරම්භ කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.

State

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

දැනට මෙරට ක්‍රියාත්මක වෛද්‍ය පීඨ ප්‍රමිතීන්ට අනුකූලව මෙම නව වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කිරීමට අවසර ලබා දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

State

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.

State

 21 වැනි ශත වර්ෂයට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ සඳහා විදෙස් රටවලින්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මෙන්ම ශිෂ්‍ය පාර්ලිමේන්තුවලින් ද අදහස් ලබා ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

පහළ මල්වතු ඔය ජලාශයේ පාවෙන සූර්ය බල ව්‍යාපෘතිය විදේශ ආයෝජන සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු කර තිබේ.

State

මීළඟ වාරය වෙනුවෙන් අවශ්‍ය වන ගල් අඟුරු ආනයන ප්‍රසම්පාදන ක්‍රියාවලිය, විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ ඉදිරි මාස 12ක කාලය සඳහා වන විදුලිබල උත්පාදන සැලසුම පිළිබඳව සමාලෝචනයක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

State

ඩිජිටල් ආර්ථිකයක තීරණාත්මක කුලුනු තුනක් වන කෘත්‍රීම බුද්ධිය (AI), ස්මාර්ට් නගර සහ මූල්‍ය තාක්‍ෂණය (FinTech) කෙරෙහි අවධානය යොමු කෙරෙන “API Asia තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය 2023” නොවැම්බර් මස 16 වන දා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.