බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං (Surbana Jurong) සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරි වසර 10 තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය නවීකරණය කර දැනුමින් සන්නද්ධ මෙන්ම හැකියාවෙන් පෝෂිත තරුණ පරපුරක් බිහිකිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අරමුදල් සපයාගැනීමේ අපහසුතාව හේතුවෙන් අතරමඟ නවතා දමා ඇති පහළ මල්වතුඔය ව්‍යාපෘතිය කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳ සොයා බලන ලෙස ඊයේ (09) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
"සැමට හිමි බිමක්" දිවයින පුරා සින්නක්කර ඔප්පු ලබාදීමේ වැවපිළිවෙළේ තවත් එක් වැඩසටහනක් පසුගියදා බදුල්ලේ දී පැවැත්විණි.
ත්‍රීරෝද රථ විදුලි බලයට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය දියත් කිරීමේ වැඩසටහන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී ඊයේ (11) දියත් කෙරිණි.
විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ පරිගණක පද්ධතියේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, එම අංශය සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාල හරහා සිදු කරනු ලබන ලේඛන සහතික කිරීමේ සේවා නැවත දැනුම් දෙන තුරු සීමා කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
2024 මාර්තු සිට රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ප්‍රධානීන් දැනුවත් කිරීම පසුගියදා (12) ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී පැවැත්විණ.
During the 10th Environment Pioneer President’s Medal Awarding Ceremony 2020-2021 held at the Bandaranaike Memorial International Conference Hall, President Ranil Wickremesinghe announced that Sri Lanka is establishing the world’s first international environmental university to support the global effort in addressing climate change.
රට තුළ උද්ගතව පවතින බිත්තර හිඟය සම්බන්ධව පැන නැගී ඇති කරුණු අවධානයට ගනිමින් බිත්තර ආනයනය හා දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම යන කරුණු මූලික කර සියලු පාර්ශ්ව එක්ව ගැටළුව විසඳෙන තෙක් ඒකාබද්ධව කටයුතු කිරීමට ඊයේ (09) කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවැති රැස්වීමක දී සියලු පාර්ශ්ව තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
බිත්තර නිෂ්පාදනය කරන කුකුළු ගොවිපල අයිතිකරුවන්ගේ සංගමය, වෙළද හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව යන ආයතන සියල්ලම සහභාගිත්වයෙන් ඊයේ මෙම සාකච්ඡාව පැවැත්විනි.
බිත්තර හිඟය අවසන් කිරීම සඳහා සියලු පාර්ශ්ව එක්ව කටයුතු කළ යුතු බවත්, කෙටිකාලයක් තුළ නැවතත් රට බිත්තර නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
දැනට වෙළෙද පොළෙහි පවතින බිත්තර හිඟය තුරන් කරලීම සදහා නිෂ්පාදනය ඉහළ නැංවීම මෙන්ම දෛනික බිත්තර අවශ්‍යතාව සම්පූර්ණ වන තෙක් බිත්තර ආනයනය කිරීම යන කරුණු සම්බන්ධව ද තීරණ කිහිපයක් ගනු ලැබීය.
(1) ආනයනය කරන ලද බිත්තර එක් දිනක් තුළ වරායෙන් නිදහස් කිරීම සදහා සිදුකරන සාම්පල පරීක්ෂාව සදහා අවශ්‍ය බිත්තර සාම්පල කඩිනමින් ලබා ගැනීම.
(2) දැනට මව්සතුන් ආනයනය කිරීම හා කුකුළු පැටවුන් අවශ්‍ය තරම් කුකුළු ගොවිපොළවලට ලැබෙන බැවින් දෙසැම්බර් මාසය වනවිට දැනට පවතින දේශීය බිත්තර හිඟය තුරන් කිරීමේ ඉළක්කය ජය ගැනීම,
(3) සත්ව ආහාර සඳහා සහල් ලබා දීම කෙරෙහි අවධානය යොමු කිරීම.
(4) බිත්තර සඳහා දැනට පනවා ඇති පාලන මිල ඉවත් කිරීම සම්බන්ධව තවදුරටත් අධ්‍යයනය කර තීන්දුවක් ගැනීම.
(5) සියලු අංශවලින් සමන්විත කමිටුවක් පත් කර මාසිකව රැස්වී දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ සාමුහිකව ගැනීම.
(6) ආනයනික බිත්තර තවදුරටත් බේකරි හා හෝටල් කර්මාන්තය සදහා පමණක් ලබා දීම හා සිල්ලර වෙළෙඳපොලෙහි අලෙවියට ඉඩ නොදීම.
(7) බිත්තර ආනයනයේ දී විශේෂයෙන් කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීම වළක්වා ගැනීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන ලද නිර්දේශ තවදුරටත් ක්‍රියාත්මක කිරීම.
දැනට දෛනික දේශීය බිත්තර අවශ්‍යතාවය මිලියන 07කි. මේ වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය දෛනිකව මිලියන 5.2ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දෛනික බිත්තර අවශ්‍යතාවය සදහා පවතින හිඟය මිලියන 1.4ක් පමණ වේ. මෙම තත්ත්වය මඟ හරවා ගැනීමට තවදුරටත් බිත්තර ආනයනය කිරීමේ ගැටළුවක් නොමැති බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පැවසීය.
කෙසේ වුවද මෙම වසර අවසන් වනවිට දේශීය බිත්තර නිෂ්පාදනය ඉහළ යාමත් සමග බිත්තර තවදුරටත් මෙරටට ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව වෙළද හා පාරිභොගික කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
එමනිසා රටේ පවතින බිත්තර ගැටලුව සියලු පාර්ශ්ව එක්ව විසඳා ගැනීමේ වැඩපිළිවෙළක් ඊයේ සිට ආරම්භ කළ බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ රුපියල් මිලියන 200 වියදමින් ඉදි කළ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම අද (13) සිදු කෙරිණි.
ඉදිරි විදුලිබල ජනන සැලසුම තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආයෝජනයන් දිරිමත් කිරීම වෙනුවෙන් සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය සතියේ හඳුන්වා දුන් විදුලිය මිල දී ගැනීමේ නව මිල සුත්‍රය පිළිබඳව දැනුවත් කිරීමක් ඊයේ (10) සිදු විය.
ඩෙංගු මර්දන වැඩසටහනට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ජනතාවගේ ද උපරිම සහාය අපේක්ෂා කෙරේ
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ලෝක ගිනි නිවීමේ දිනය සැමරීමට කටයුතු යොදා ඇති අතර එය ලබන 14 පෙරවරු 09.30ට නිදහස් චතුරස්‍රයේදී උත්කර්ෂවත් අයුරින් සැමරීමට කටයුතු සංවිධානය කර ඇත.
කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනතා සෞඛ්‍ය රැක දෙන මෙන්ම රටට විදේශ විනිමය ගෙන දෙන ක්ෂේත්‍රයක් ලෙස හෙද සේවය දියුණු කළ යුතුයි – සාගල රත්නායක මහතා ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවයේ දි පවසයි.
ආසියාවේ ප්‍රථම සම්මන්ත්‍රණ ශාලාව වන කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව ඉදි කර වසර 50ක් පිරීමේ උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්.
“ඔබට ගෙයක් - රටට හෙටක්” නිවාස ආධාර ව්‍යාපෘතියේ වැඩ අවසන් නොවූ නිවාසවල වැඩ යළි ආරම්භ කිරීමට මහා භාණ්ඩාගාරය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 751ක මුදලක් ලබාදී තිබේ.
Page 47 of 612