Saturday, October 05, 2024
Follow Us
දකුණු පළාතේ පාසල් 200 කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙයි

නව ආර්ථිකයක් සමඟ රට ඉදිරියට ගෙන යාමේදි නවීන තාක්ෂණය සමඟ එක් වූ දියුණු අධ්‍යාපන ක්‍රමයක් ද අවශ්‍ය බවත්, ඒ සඳහා වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වන විට රට තුළ සිදු කරමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන නවීකරණයේ නව පියවරක් තබමින් දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් පාසල් 200 කට සුහුරු පංති කාමර සහ ටැබ් පරිගණක යන්ත්‍ර 2000ක් ලබාදීම සඳහා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ අද (06) පැවති උත්සවයට එක්වෙමිනි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඉන්දියානු රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනූව දකුණු පළාත් සභාව වෙත ලැබුණු රුපියල් ලක්ෂ 3000ක (කෝටි 30ක) ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම ව්‍යාපෘතිය සදහා තෝරාගත් පාසල් 200 අතරින් පාසල් 150ක් ගාලු දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර ඉතිරි පාසල් 50 හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවලට අයත් වේ.

එක් සුහුරු පංති කාමරයකට ටැබ් පරිගණක යන්ත්‍ර 10 බැගින් පංති කාමර 200 සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර 2000 ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.