Sunday, October 06, 2024
Follow Us
සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 9 වැනිදා සිට

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 9  සිට 19 වෙනි දින දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන්ද කරයි.

සෞන්දර්ය විෂයෙහි අවසාන ප්‍රතිඵලය නිර්ණය කිරීම සඳහා ලිඛිත පරීක්‍ෂණය මෙන්ම ප්‍රායෝගික පරීක්ෂණය යන කොටස් දෙකෙහිම ලකුණු උපයෝගී කරගන්නා බැවින් එම කොටස් දෙකටම පෙනී සිටි ම අනිවාර්ය බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි

පාසල් ප්‍රධානීන් වෙත හා පෞද්ගලික අයදුම්කරුවන් වෙත ලැබී ඇති ප්‍රවේශපත්‍රවල විෂය සංශෝධන මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධනයක් වේ නම් වහාම විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත ඉදිරිපත් කර ඒවා සංශෝධනය කරවා ගත හැකි බවද විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

ALL MED 07052024133457 1 page 002