Friday, October 18, 2024
Follow Us
සිංහල සිනමාවට “Film Sri Lanka” නමින් ආයතනයක්

චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවට අන්තර් ජාතික මට්ටමට සිංහල සිනමාව ඔසවා තැබීමටත් අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට සහ එම කර්මාන්තය නියාමනයට “Film Sri Lanka” නමින් ආයතනයක් පිහිටුවීමට පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

යෝජිත ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව වෙනුවෙන් Film Sri Lanka නමින් නියාමන ආයතනයක් ස්ථාපිත කිරීමට ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභාව පිහිටුවීමට ඉදිරිපත් කළ යෝජනාවට 2024 අප්‍රේල් 20 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ගත් බවද එම සාකච්ඡා වලදී මෙරට සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවයන් ඒකාබද්ධව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.