Sunday, September 08, 2024
Follow Us
රන් ආභරණ උකස් තැබු අඩු ආදායම්ලාභීන් ලැබෙන සහනය

බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු අදායම්ලාභී පුද්ගලයින් සඳහා සහන සැළසීම වෙනුවෙන් මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික දුෂ්කරතා හමුවේ වාණිජ බැංකු මඟින් පුද්ගලයින් ලබා ඇති උකස් අත්තිකාරම්වල හිඟ මුදල් ප්‍රමාණය 2019 වර්ෂයේදී රුපියල් බිලියන 210ක් පමණ වන අතර 2024 මාර්තු මස වන විට රුපියල් බිලියන 571ක් එනම් 172% දක්වා වර්ධනය වී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ගනුදෙනුකරුවන් තනි පුද්ගල පදනම මත 2024 ජූනි මස 30 හෝ ඊට පෙර බලපත්‍රලාභී වානිජ බැංකු මඟින් ලබා ගත් රුපියල් 100,000/= නොඉක්මවන උකස් අත්තිකාරම් ඇත්නම් , ඒ සඳහා වර්ෂිකව10%ක උපරිමයකට යටත්ව පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් ගනුදෙනුකරුවන්ට ලබා දීමටට යොග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ, මෙයින් පීඩාවට පත් පොළි ගෙවා ගැනීමට අසිරු බැංකු නොවන ආයතවල උකස් තැබු උගස්කරුවන් වෙනුවෙන් මැදිහත් වීමත් කිරීමට රජය වශයෙන් හැකියාවක් නොමැති බවයි.