Saturday, September 14, 2024
Follow Us
පොහොර සහනාධාරය වැඩි කෙරේ

එළඹෙන මහ කන්නයේදී වැඩි වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වන පරිදි, සහ වී වගාව සඳහා ගොවීන් දිරිගැන්වීම පිණිස හෙක්ටයාර් එකක් සඳහා ගෙවනු ලබන පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට  කටයුතුකළ බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

ගොවින් සඳහා දැනට හෙක්ටයාරයකට රුපියල් 15,000 ක් ගෙවනු ලැබේ. පසුගිය සතියේ ඉදිරිපත් කළ එම යෝජනාව සංශෝධනය කරමින් පොහොර සහනාධාරය  මෙලෙස හෙක්ටයාරයකට රුපියල් 25,000 ක් දක්වා වැඩි කර තිබේ.

2024/25 මහා කන්නය සඳහා ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් මඟින් සහ පුද්ගලික අංශය මඟින් පොහොර ආනයනය කර වී වගාව සහ අනිකුත් වී වගාවන් සඳහා වගා කරන ලද උපරිම හෙක්ටයාරයකට රුපියල් 15,000 බැඟින් මුල්‍ය සහනාධාරයක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ලබා ලබා දීමට  කටයුතු කරන බව පසුගිය සතියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සඳහන් කළේය.