Tuesday, February 10, 2026
Follow Us
වී මිලදී ගැනීම ඇරඹෙයි

යල කන්නයේ වී මිලදී ගැනීම අද(27) සිට ආරම්භ වෙයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ වී මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවයි.

අදියර වශයෙන් වී මිලදී ගැනීමට මුදල් නිකුත් කෙරෙන අතර පළමු අදියර සඳහා ලබා දෙන මුදල රුපියල් මිලියන 500 කි.

ඒ අනුව හඳුනා ගත් ප්‍රදේශවල වී ගබඩා අද සිට විවෘත කර වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

යළ කන්නයේ කීරි සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 130කට මිලදී ගැනීමට නියමිතයි.

 සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 115 කි.

අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105 බැගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වු බවයි.