Saturday, September 14, 2024
Follow Us
2025 වසරේ පාසල් පෙළපොත් මුද්‍රණයට තීරණය කරයි

2025 වර්ෂයේ නොමිලයේ බෙදාහැරීම සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය සඳහා වන ටෙන්ඩර්කරුවන්ට ටෙන්ඩර් ප්‍රදානය සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබ්නට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

2025 වර්ෂය සඳහා මුද්‍රණය කිරීමට නියමිත පෙළපොත් වර්ග 317න් 71ක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් මුද්‍රණය කරවා ගැනීමට අවසර දී ඇතැයිද, 2025 වර්ෂයේ පාසල් දරුවන් වෙත නොමිලයේ බෙදා හැරීමට අවශ්‍ය ඉතිරි පාසල් පෙළපොත් වර්ග 246ක් මුද්‍රණය කරගැනීම සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවා ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.

ඒ අනූව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති මුද්‍රණ ආයතන 24ක් වෙතින් එකේ සිට 06 සහ 10 ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි සඳහා වන පෙළපොත් මුද්‍රණය කරගැනීම පිණිස කැබිනට් අනුමැතිය හිමිවූ බව සඳහන් කළේය.