Thursday, May 07, 2026
Follow Us
හෙට දිවයිනේ සියලු පාසල් වැසේ

සැප්තැම්බර් 20 වැනිදා සිකුරාදා දිවයිනේ සියලුම පාසල්වලට නිවාඩු දිනයක් බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

සැප්තැම්බර් මස 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිගේ ඉල්ලීමක් මත අධ්‍යාපන අමාත්‍යංශය විසින් එම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නැවත පාසල් ආරම්භය සැප්තැම්බර් 23 වන දිනයේදී සිදුවනු ඇත.