Wednesday, September 18, 2024
Follow Us
5 වසර ශිෂ්‍යත්ව විභාගය අද - විභාගයට බාධාවන අයුරින් ප්‍රචාරක කටයුතු කරන්න එපා

අද (15) පැවැත්වෙන 5 වසර ශිෂ්‍යත්ව විභාගයට බාධාවන අයුරින් ප්‍රචාරක කටයුතු සිදු නොකරන්නැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඉල්ලා සිටියි. ඊයේ(14) අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

 

ශිෂ්‍යත්ව විභා­ගය හෙට (15) උදෑ­සන 9.30 සිට 12.15 දක්වා පැවැ­ත්වෙන අතර එම කාල­සී­මාව තුළ දී දරු­වන්ට කිසිදු බාධා කිරී­මක් සිදු නොවන අයු­රින් කට­යුතු කළ යුතු බව  අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.