අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වන විට නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වන විට නිකුත් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට සහභාගිවෙමින් ඒ මහතා මේ බව ඊයේ (13) ප්‍රකාශ කළේය.
ඉදිරි දින 10ක කාලය තුළදී සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බවත් මේ වන විට ප්‍රතිඵල නිකුත් කිරීමට අදාළ කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඒ මහතා පැවසුවේය.