Wednesday, September 18, 2024
Follow Us
දහම් පාසල් ගුරුවරුන් සඳහා වාර්ෂිකව රුපියල් 7500ක දීමනාවක්

බෞද්ධ, හින්දු, ඉස්ලාම් ක්‍රිස්තියානි හා කතෝලික දහම් පාසල් ගුරුභවතුන් සිදු කරන සේවය අගය කරමින් ඔවුන් දිරිගැන්වීම සඳහා රුපියල් 7500ක දීමනාවක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (14) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

බුද්ධ ශාසන , ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එළඹෙන 2025 වර්ෂයේදී සියලු ආගම් නියෝජනය කරනු ලබන දහම් පාසල් ගුරුවරුන් සඳහා රුපියල් 5000ක දිරිගැන්වීමේ ගුරු දිමනාව සහ රුපියල් 2500ක නිල ඇඳුම් දීමනාව වශයෙන් වාර්ෂිකව රුපියල් 7500ක දීමනාවක් ලබා දීමට අනුමැතිය හිමි වී තිබේ.