The Ceylon Petroleum Corporation (CPC) has agreed to provide 1,500 Metric Tonnes of Fuel to the Ceylon Electricity Board (CEB), CEB Additional General Manager and media spokesman Andrew Navamani said.
ඩොලර් ප්‍රශ්නය කොවිඩ් 19 අර්බුදය නිසා ඇතිවූවක් වන අතර ප්‍රමාණවත් පරිදි විදේශ විනිමය නොලැබුණු නමුත් ඉදිරි සති කිහිපයකදී මෙම ප්‍රශ්න විසඳෙනු ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.
අද පස්වරුවේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.
ලංකා විදුලිබල මණ්ඩල මූලස්ථානයේ ඊයේ දිනයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ පෙරේදා දින විශ්‍රාම ගත් හිටපු සාමාන්‍යාධිකාරී MR රණතුංග යළි සේවයේ පිහිටුවීමට සභාපතිවරයා සිදු කළ යෝජනාවක් හේතුවෙන්. සාමාන්‍යයෙන් විදුලිය මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා විශ්‍රාම යාමට පෙර දින නව සාමාන්‍යාධිකාරිවරයා නම් කිරීම සිදු කෙරෙනවා.
රට තුළ පවතින ඩොලර් හිගය හේතුවෙන් ඖෂධ හිගයක් ඇතිවීමේ අවදානමක් පැවතිය ද එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රුපියල් පන් දහසේ මාසික දීමනාවක් ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි. මාසික වැටුප් ලබන ස්ථිර, තාවකාලික සහ කොන්ත්‍රාත් පදනමේ නිලධාරීන්ට, දෛනික වැටුප් ලබන නිලධාරීන්ට සහ විශ්‍රාමිකයින්ට අදාළ දීමනාව සදහා හිමිකම් පවතින බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.
මින් ඉදිරියට විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින විදුලිබල අමාත්‍යංශය පවසනවා. ඒ අනුව කලින් සැලසුම් කළ විදුලිය කප්පාදු කිරීමේ සැලසුම අවලංගු කිරීමටයි එම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමට එකගතාව පළ කර ඇති බව විදුලිබල අමාත්‍යංශයේ අතිරේක ලේකම් සුගත් ධර්මකීර්ති නෙත් නිවුස් වෙත කියා සිටියා.
ගෑස්, ගෑස් සිලින්ඩර, රෙගියුලේටර්, සිලින්ඩර වෑල් සහ ගෑස් බට මෙරටට ආනයනය කිරීමේදී අදාළ ප්‍රමිතීන් අනිවාර්යය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තුන් වසර පිළිබඳ අපේක්ෂා තබන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
විදේශ ණය මත තවදුරටත් රටේ ආර්ථීකය පවත්වාගෙන යා නොහැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.
Page 236 of 642