ඉදිරි මාස හය සදහා රටට අවශ්‍ය ඖෂධ පිළිබඳ පුර්ණ වාර්තාවක් අද (12) දින ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
State Minister of Consumer Protection Lasantha Alagiyawanna yesterday said the Government is considering to pay compensation for LPG explosions and victims.
මෙරට එන්නත්කරණ වැඩසටහනේ තවත් සුවිශේෂී අවස්ථාවක් අද ආරම්භ වනවා. ඒ, වයස අවුරුදු 12 ට වැඩි සියලු පාසැල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කරමින්. අද සිට පළමු අදියරේදී එන්නත්කිරීම් සිදුවන්නේ කොළඹ මහා නගරසභා සීමාව තුළ පිහිටි පාසැල්වලයි.
පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ ධුර කාලය 2023 මාර්තු 19 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, රාජ්‍ය සේවා, පලාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයකට අනුවයි. ඒ අනුව නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශී්ය සභා සභිකයින්ගේ ධුර කාලය දීර්ඝ වනු ඇති.
මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද විශේෂ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිතයි. ඒ අනුව මේ වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණ දෙන කෙටි කාලීන හා දිගු කාලීන අභියෝග මෙන්ම ඒවායේ විසදුම් කවරේදැයි මෙහිදී පැහැදිලි කරනු ඇති.
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් විදෙස් රටවලින් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබෙන්නේ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි.
මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වන හෝටල් සහ සංචාරක නියෝජිත ආයතන දිරි ගැන්වීම සඳහා කර්මාන්ත ආධාරක යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ ඊට අදාලව කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ජනවාරි මස 22 වෙනිදා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරයන් කල් පිරීමේදී එය පියවීමට රජයට හැකියාවක් නොමැති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කළ බවත් එම මුදල් පියවීමට සුදානම් වන විට එය නොගෙවෙන ලෙස ඉල්ලා සිටිමින් සිටින බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කර සිටිනවා.
රටට අවශ්‍ය වැලි තොග ඉදිරියේදී විදෙස් රටවලින් ගෙන්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ රටේ වැලි අවශ්‍යතාව වෙනුවෙන් මුහුදු වැලි යොදා ගත්තද එමඟින්ද රටේ වැලි අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීමට නොහැකිවී ඇති බවයි.
මේ වන විට පවතින ගෑස් අර්බුදය තවත් සතියකින් පමණ අවසන් වනු ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ අද පැවසුවා.
උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන් හේතුවෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන සිය ගණනක් රටින් පිටතට ගලායන බව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි ජාත්‍යන්තර මට්ටමේ විශ්වවිද්‍යාල පිහිටුවීමට කටයුතු කළේ රටින් පිටතට ගලායන මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා බවත්, මේ වනවිට එම උත්සාහය යථාර්ථයක් බවට පත්ව ඇති බවත් රාජපක්ෂ මහතා පවසනවා.
විදුලිය කප්පාදු කිරීමට අදාලව කාලසටහනක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සමස්ත දිවයිනම කොටස් හතරකට බෙදා මෙම විදුලි විසන්ධි කිරීම ක්‍රියාත්මක වේ.
Page 237 of 642