Wednesday, February 04, 2026
Follow Us
රූපලාවණ්‍ය ශිල්පීන්ට UK යන්න අවස්ථාවක්

රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අයට සුභ ආරංචියක්


මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරත වන ශිල්පීන් 500 දෙනෙකුට බ්‍රිතාන්‍යයේ විශ්වවිද්‍යාලයකට අනුබද්ධව පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙන බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසයි.

Cambridge and oxford members club හි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නිරතවන නියෝජිතයින් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම පාඨමාලා වටිනාකම රුපියල් ලක්ෂ 1,005ක් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට රූපලාවණ්‍ය ශිල්පීන් හට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට අදාළ අංශ 4ක් ඔස්සේ පාඨමාලා හැදෑරීම සඳහා අවස්ථාව හිමි වෙන අතර පාඨමාලාව සම්පූර්ණ කරන රූපලාවණ්‍ය ශිල්පීන් හට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සහතික පත්‍රයක් හිමිවනු ඇත.

මෙහිදී අදාළ පාඨමාලා බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල ගුරුවරුන් විසින් මෙහෙයවනු ලබන අතර පාඨමාලාව හදාරන පිරිසට මව්බසින් සහාය ලබාගැනීම සඳහා ද අවස්ථාව උදා වනු ඇත.

(Aruna)