An investigation by the National Audit Office has revealed that the government has lost over Rs. 200 million due to the increase in salaries and allowances of 174 bigwigs at the Road Development Authority (RDA), which falls under the Ministry of Highways headed by Johnston Fernando.
ජනාධිපති ලේකම් තනතුරින් ඉල්ලා අස් වූ පී.බී. ජයසුන්දර මහතා වෙනුවෙන් අද ජනාධිපති කාර්යාලයේදී උත්සවයක් පවත්වා තිබෙනවා. ලේකම්වරයාගේ සමු ගැනීම මෙනුවෙන් චාම් උත්සවයක් සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.
අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මින් ඉදිරියට දුම්රිය ධාවනයට බාධා කරමින් වර්ජන ක්‍රියාත්මක කරන ඕනෑම පාර්ශවයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.
සුපිරි සම්බා කිලෝග්‍රෑම් 10 ක් ඇතුළත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20 කින් සමන්විත සහන මල්ලක් සතොස අලෙවිසැල් ජාලය හරහා අලෙවි කිරීමට වෙළඳ අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙම සහන මල්ල අලෙවි කරන්නේ රුපියල් 3998 කට බවයි අද පැවති මාධ්‍ය හමුවකදී වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ.
ඇපලෝ රෝහලේ බෝම්බ සිදුවීම හා දේවස්ථානයේ බෝම්බ සිදුවීම කාගේ හෝ කුමන්ත්‍රණයක් බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.
පොලිස්පතිවරයාට කෝට් එක දුන්නේ කාදිනල්හිමියන් නොවන නිසා එය ගලවා ගෙදර යන්න කියන්න කාදිනල් හිමියන්ට අයිතියක් නැති බවට තමන් අදහස් කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.
ඉන්ධන අර්බුදයකට මුහුණදෙමින් සිටින නිසා අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින්නැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන භාවිතය හැකිතරම් අවම කළයුතු බවත්, ඒ හරහා ඩොලර් ඉන්ධන අර්බුදය මෙන්ම ඩොලර් අර්බුදයද විසඳා ගත හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ ක්‍රියාත්මක කළ හදිසි වැඩවර්ජනය හේතුවෙන් අවලංගු කළ දුම්රියවල ගමන් කිරීම සඳහා මගීන් ලබා ගෙන තිබූ ටිකට් පත් සඳහා නැවත මුදල් ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
Page 235 of 642