කොවිඩ් වෛරසය ආසාදිතව හෝ නිරෝධායනය වෙමින් සිටින හෝ රෝග ලක්ෂණ පෙන්නුම්කරන හෝ දරුවන්ට ද මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාකර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් ඉකුත් දින තුන තුළ පමණක් ජාතික සත්ත්වෝද්‍යානයට අයත් ආයතනවලට රුපියල් කෝටිය ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුව පවසනවා.
අනිද්දා තෙක් අඛණ්ඩව විදුලි සැපයුම පිළිබඳව සහතික කළ හැකි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. දැවිතෙල් මෙට්‍රික් ටොන් 3000 ක් කැලණිතිස්ස බලාගාරය වෙත ලැබී තිබෙන බැවින් විදුලිය නිෂ්පාදනය අඛණ්ඩව සිදුකළ හැකි බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
Ruling out default or immediate rescheduling, Finance Minister Basil Rajapaksa yesterday assured the public and the private sector that essential imports would be sourced whilst servicing the country’s debt.
විදුලිබල මණ්ඩලය දැවැන්ත ඉන්ධන අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ඉදිරියේදී දෛනිකව පැය 04 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. පැය 04 ක විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් විදුලිබල පද්ධතියේ සමබරතාවය පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවත්, එසේ වුවහොත් විදුලිබල මණ්ඩලය තවත් අර්බුදයට යන බවත් එම සංගමය පවසනවා.
විදුලිය නිෂ්පාදනය වඩා ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබා දියයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.
එළඹෙන මාර්තු මාසයේ සිට මාස 05ක කාලයක් දක්වා උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එම මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා සීමා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
ජනතා මුදල්වලින් වැටුප් ලබන පුද්ගලයන් ලබන වැටුපට සරිලන සේවයක් සිදු නොකළහොත් ගෙම්බන්, කපුටන් වී ඉපදෙන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ලබන වැටුපට සාධාරණය ඉටු කිරීම ඔවුන්ගේ වගකීමක් බවද ඇමතිවරයා සඳහන් කරනවා.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති දැවිතෙල් සහ ඩීසල් තොග අදින් (18) අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.
රටේ ආර්ථිකය දැනටමත් යහපත් අතට හැරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
Page 234 of 642