Thursday, April 25, 2024
Follow Us
කුඩු ඔත්තු දුන්නොත් ලැබෙන මුදල මෙන්න

මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයෙන් පොලිස්පතිට යෝජනාවක්


හොරොයින් ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සපයන පුද්ගලයන් හට ලබාදෙන ත්‍යාග මුදල ඉහළ නැංවීමට මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් පොලිස්පතිවරයාට යෝජනා කර තිබේ.

මේ වන විට හෙරොයින් ග්‍රෑම් 10ත් 25ත් අතර වැටලීමක් සඳහා තොරතුරු කරුවෙකුට ලබාදුන් රුපියල් 5,000 වෙනුවට රුපියල් 10,000ක් ලබාදීමට එමගින් යෝජනා වී තිබේ.

හෙරොයින් ග්‍රෑම් 25ත් 50ත් අතර වැටලීමක් සඳහා මේ වනවිට රුපියල් 10,000ක් ලබාදෙන අතර නව යෝජනාවලියෙන් නිර්දේශ කර ඇති මුදල රුපියල් 20,000කි.

මේ වනවිට හොරොයින් ග්‍රෑම් 50ත් 100ත් අතර වැටලීමක් සඳහා තොරතුරුකරුවෙකුට ලබාදෙන මුදල රුපියල් 20,000ක් වන අතර නව නිර්දේශ යටතේ රුපියල් 30,000ක මුදලක් ලබාදීමට යෝජනා වී තිබේ.

හෙරොයින් ග්‍රෑම් 100ත් 250ත් අතර වැටලීමක් සඳහා තොරතුරුකරුවෙකුට මේ වන විට රුපියල් 30,000ක් ලබාදෙන අතර නව යෝජනාවලිය යටතේ නිර්දේශ කර ඇති මුදල රුපියල් 50,000කි.

හොරොයින් ග්‍රෑම් 250ත් 500ත් අතර වැටලීමක් සඳහා මේවන විට රුපියල් 40,000ක් ලබාදෙන අතර නව යෝජනාවලිය යටතේ රුපියල් 75,000ක් ලබාදීමට නිරේදේශ වී තිබේ.

හොරොයින් ග්‍රෑම් 500ත් කිලෝග්‍රෑම් එකත් අතර වැටලීමකට තොරතුරුකරුවෙකුට මේවන විට ලබාදෙන මුදල රුපියල් 50,000ක් වන අතර නව යෝජනාවලිය යටතේ නිර්දේශ කර ඇති මුදල රුපියල් ලක්ෂයකි.

නව යෝජනාවලිය යටතේ ග්‍රෑම් 500ක වැටලීමක් සඳහා රුපියල් ලක්ෂයක මුදල් ලබාදීමට යෝජනාවී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වේ.

කිලෝ ග්‍රෑම් එකක හොරොයින් වැටලීමක් සඳහා තොරතුරුකරුවෙකුට මේවන විට රුපියල් 75,000ක් ලබාදෙන අතර නව නිර්දේශ යටතේ රුපියල් රුපියල් එක් ලක්ෂ 50,000ක් ලබාදීමට යෝජනා වී තිබේ.

එසේම වැඩිවන සෑම හෙරොයින් කිලෝග්‍රෑමයකටම රුපියල් 50,000 බැගින් ලබාදීමට ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් පොලිස්පතිවරයාට යෝජනා කර තිබේ.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම සඳහා නව දුරකතන අංක කිහිපයක් ද පොලිසිය විසින් හඳුන්වාදී ඇත.

(Aruna)