Friday, April 19, 2024
Follow Us
සපුගස්කන්ද ඇරෙන දිනය තවත් කල්යයි

බොරතෙල් නැවක් අද කොළඹට


සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ජනවාරි මස 30 වනදින වන විට එහි මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇති බව අමාත්‍යංශ ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය පැවසුවේය.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු හෙට (27) දිනයේ සිට යළි ආරම්භ කිරීමට කලින් තීරණය කර තිබුණත් බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන් අදාළ ප්‍රමාදය සිදුව ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24 වනදා මෙරටට ළඟාවීමට නියමිතව තිබුණි.

අදාළ නෞකාව අද (26) දිනයේ කොළඹ වරායට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.

(Aruna)