කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහැර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
ඉන්ධන මත පනවා ඇති බදු ඉවත් කරන ලෙස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් ඇමතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ගම්මන්පිල ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.
විදෙස්ගත වන පුද්ගලයින්ට ඒ ඒ රටවල අවශ්‍යතාව පරිදි කොරෝනා මර්දන එන්නතේ සිව්වන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටදී ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
“වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය සේවය ඉහළින්ම අගයන බවත් රට තුළ පවතින මුදල් තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් සමස්ත රාජ්‍ය සේවයට බලපෑමක් නොවන ආකාරයට අනුමත කළ හෙද ඉල්ලීම් ලබාදීමට පියවර ගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Industries Minister Wimal Weerawansa this week made a request to President Gotabaya Rajapaksa to give priority for locally produced Government procurements.
දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම ගෘහ සුපිරි වෙළෙදසැල් ජාලයක් ස්ථාපනය කිරීමට තීරණය කර තිබෙනවා.
නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ තිබූ ධනවත් රටක් බවත් ඉන්දියාව සිටියේ ඊට පියවර කිහිපයක් පසුපසින් බවත් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසනවා. කෙසේ නමුත් නිදහස ලබා දශක 07 ක් ඉක්ම යනවිට ඉන්දියාව ශ්‍රී ලංකාව පසුකර පියවර ගණනාවක් ඉදිරියට ගොස් ලෝකයේ පස්වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව ඇති බවිය ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
ඉන්දියාවෙන් ආනයනය කළ දෝෂ සහිත දුම්රිය එන්ජින් සහ මැදිරි සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා, ධාවනබල උප දෙපාර්තමේන්තුවෙන් හා ප්‍රවාහන උප දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.
මරදගහමුල සහල් වෙළඳපොළෙහි සහල් මිල මේ වන විට පහත ගොස් තිබෙනවා. මීට පෙර රුපියල් 160 ත්, 170 ත් අතර මිලකට අලෙවි වූ සම්බා සහල් කිලෝවක මිල අද වන විට සඳහන්ව ඇත්තේ රුපියල් 140 ක් ලෙසයි.
රට තුළ කිසිදු ඉන්ධන හිගයක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා. කෙසේවෙතත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධනහල්වල ඉන්ධන නොමැති බවට පුවරු ප්‍රදර්ශනය කර තිබෙන ආකාරය ඊයේ දිනයේදී ද දැකගත හැකි වුණා.
වී තොග, වී අළෙවි මණ්ඩලයේ ගබඩා වෙත රැගෙන යාමට නොහැකි ගොවීන් සදහා ප්‍රවාහන පහසුකම් ලබාදීමට යුද හමුදාව එකඟතාව පළ කර තිබෙනවා. තමන්ගේ වී තොග ප්‍රවාහනය කිරීමට නොහැකිව සිටී නම් ඒ පිළිබදව අදාළ ප්‍රදේශයේ වී අළෙවි මණ්ඩලයේ නියෝජිතයා වෙත දැනුම් දෙන ලෙසයි එම මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මෙහිදී ඉල්ලීමක් කළේ.
“රටට පන දෙන කර්මාන්ත පුනරුදයකට” තේමා කර ගනිමින් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයෙන ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කොළඹදී පැවැත්වුණා.
Page 218 of 638