Thursday, November 28, 2024
Follow Us
State

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බව මෙයින් දැනුම් දෙන අතර 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා සිසුන් ඇතුළත් කිරීමට  අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State
  • ශ්‍රී ලංකා සාගර කලාප මෙන්ම ඉන්දියානු සාගර කලාපය ද ආරක්ෂා කිරීමේ වගකීම අපගේ නාවික හමුදාවට පැවරෙනවා.
  • රතු මුහුදේ ආරක්ෂාව වෙනුවෙන් දායක වී මෙරට වරායන්හි ආර්ථික වටිනාකම් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළයුතුයි – ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයට ජනාධිපති වර්ණ ප්‍රදානය කරමින් ජනපති පවසයි.
State

අධික උෂ්ණත්වය සහිත කාලගුණික තත්ත්වය හමුවේ ඇති විය හැකි අහිතකර තත්ත්වයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට උපදෙස් මාලාවක්  අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබේ.

State

දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

ඇතැම් කුඹුරුවල හෙක්ටයාර් එකකට වී අස්වැන්න මෙට්‍රික් ටොන් 12 ඉක්මවයි

මෙවර මහ කන්නයේ වැඩිම වී අස්වැන්න උඩවලව කලාපයට අයත් කුඹුරුවලින් වාර්තා වී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අද  (01) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

State

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යාවශ්‍ය නඩත්තු කාර්යයක් සඳහා 2024.02.27 සිට 2024.03.12 දක්වා මහජන ප්‍රදර්ශනය අවලංගු කිරීමට සිදුව ඇති බව එහි අධ්‍යක්ෂ (සංවර්ධන හා නවෝත්පාදන) ආචාර්ය උත්පලා අලහකෝන් මහත්මිය සඳහන් කරයි.

State

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සපයන සේවාවන් සඳහා ස්වයංක්‍රීය දුරකථන පද්ධතියක් යටතේ සහ වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී තිබේ.

State

සිසුන් සඳහා සකස් කර ඇති "වැඩ පොත්" හැරුණු විට අනෙකුත් පෙළ පොත් පාසලට ගෙන ඒම අවම කිරීම‌ට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

State

 "උරුමය" ජාතික වැඩසටහනින් අපේක්ෂිත අභිමතාර්ථ යථාර්ථයක් බවට පත් කර ගනිමින් ප්‍රජාව වෙත සිය භුමියේ සින්නක්කර අයිතිය භුක්ති විඳීමේ අවස්ථාව ලබා දීමට අදාළව ඉල්ලුම් කිරීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

State

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

State
  • අස්වැසුම දෙවන අදියරේ අයදුම්පත් කැඳවීම මාර්තු 15 වනදායින් අවසන් – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ.

අස්වැසුම දෙවන අදියර සඳහා ඉල්ලුම් කළ ප්‍රතිලාභ අපේක්ෂිතයන්ගේ දත්ත පරීක්ෂා කිරීම සහ සහතික කිරීම අවසන් කර ඇති බවත්, 2024 ජුනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් ඒකක ප්‍රමාණය ලක්ෂ 24ක් දක්වා වැඩි කිරීමට සියලු කටයුතු සූදනම් කර ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

State

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

State
  • කලාප / පළාත් අධ්‍යාපන කාර්යාල වෙත හා සියලුම විදුහල්පතිවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක්.
  • අයදුම්පත හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ නිල ෆේස්බුක් පිටුවෙන්.

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී තිබේ.

State
මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්ව තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්ව ඇති අවස්ථාවන්හි එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.
State

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

State

ගිය වස­රට (2023) අදාළ අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ විභා­ගය මැයි 6 දා ආරම්භ කිරී­මට ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කර තිබේ.ඒ අනුව මැයි 6 දා සිට මැයි 15 දා දක්වා විභා­ගය පැවැත්වේ.

State

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ වැඩබලන පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා නව පොලිස්පති ලෙස පත් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

State
ගුනනොළපැලැස්ස මැටිගත්වල ප්රදේශයේ අක්කර 100ක මෙවර පළමුවරට කීරි සම්බා වී වගා කිරීමට ගොවීන් පිරිසක් කටයුතු කළේය. මෙම කීරි සම්බා වගාව ඊයේ (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාගේ  නිරීක්ෂණයට ලක්විය.