ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන් අද (03) සුරාසැල් වසා තැබේ.
2025 ඔක්තෝම්බර් 03 වන දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සිල්ලරට මත්පැන් විකිණීමේ සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු වේ.
ඒ අනුව 2025. 10. 02 මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ස්ථාන වැසිය යුතු වේලාවේ සිට 2025. 10. 04 විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජනරාල් දන්වා සිටී.