අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගය සඳහා අයැදුම්පත්‍ර කැඳවීම ලබන මස 09 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයැදුම්පත්‍ර යොමු කළ යුතු අතර, අයැදුම්පත්‍ර භාර ගැනීම මේ මස 18 වැනිදා සිට ආරම්භ කෙරිණි. සියලුම පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මඟින් ද, පෞද්ගලික අයැදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
පෞද්ගලික අයැදුම්කරුවන් මේ විභාගය අයැදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත භාවිත කර අයැදුම් කළ යුතු අතර, ජාතික හැඳුනුම්පත නොමැති පෞද්ගලික අයැදුම්කරුවන් තම මව හෝ පියාගේ හෝ භාරකරුගේ හෝ ජාතික හැඳුනුම්පත භාවිත කර අයැදුම් කළ යුතු බව ද කොමසාරිස්වරිය පැවසුවාය.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුව නිවැරදිව අයැදුම්පත ඉදිරිපත් කළ යුතුය. කිසිදු හේතුවක් මත අයැදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ද කොමසාරිස්වරිය වැඩිදුරටත් අවධාරණය කළාය.
මේ විභාගය සම්බන්ධයෙන් වැඩි විස්තර අවශ්‍ය වන්නේ නම් 011-2784208, 011-2784537, 011-2785922 දුරකතන අංකවලින් දැන ගත හැකි අතර, This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විදත් තැපෑලෙන් ද දැන ගත හැකිය.