රජයට වැය බරක් වන ජනාධිපති මන්දිර, විසුම්පාය, ඇතුළු නිල නිවාස පිළිබඳව රජය තීරණයක් ගෙන තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
රජයට වැය බරක් වන ජනාධිපති මන්දිර, විසුම්පාය, ඇතුළු නිල නිවාස පිළිබඳව රජය තීරණයක් ගෙන තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබේ.
නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථය සහ කාර්යභාරයන් සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සෑම පුරවැසියෙකුගේම අවම ආහාර අවශ්‍යතාව ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව දැරිය හැකි මිලකට ලබා දීමේ රජයේ ප්‍රධාන අරමුණට සාපේක්ෂව ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව ජනාධිපති කාර්යාලය යටතේ ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
30 වැනිදා (ඊයේ) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින් විභාගය පවත්වාගෙන යාම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශයේ මහජන දිනය සෑම මසකම පළමුවන සඳුදා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
016 අංක 14 දරණ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ (සංශෝධිත පරිදි) විධිවිධාන ප්‍රකාරව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (ඕ.එම්.පී) සාමාජික ධුරයන්ගේ පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් සහිත තැනැත්තන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භකර ඇති බව පාර්ලිමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමයේ පළමු අදියර සඳහා අයදුම් කළ තැනැත්තන් හට යම් ගැටලුවක් පවතී නම් තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබාදීමටත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත. එලෙස ඉදිරිපත් කළ හැකි දුක්ගැනවිලි පහත පරිදි වර්ගීකරණය කළ හැකිය.
මත්පැන් නිෂ්පාදනය මත සුරා බදු දෙපාර්තමේන්තුව වෙත ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3% ක මාසිකව ගෙවිය යුතු අධිභාරය වන රුපියල් බිලියන 5.7 ක මුදල ගෙවීම පැහැර හැරීම නිසා සුුරාබදු ආඥා පනතේ නෛතික විදිවිධාන ප්‍රකාරව ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අද (05) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල් නියෝග කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ.
ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබීය.
අද රට තුළ ඇති වී තිබෙන දේශපාලන ස්ථාවරත්වයත් සමඟ ආයෝජනයට සුදුසු පරිසරයක් නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පැවැත්වෙන 2024 උසස් පෙළ විභාගය දින 3කින් කල් දමා ඇති බවත් ඒ් අනුව හෙට (27) අනිද්දා ( 28) සහ 29 තෙදින මෙම විභාගය නොපැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම සම්පූර්ණ නිවේදනය පහත සඳහන් වේ.
අ.පො.ස. උසස් පෙළ විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම් කාලය දීර්ඝ කිිරීමටත් කාණ්ඩ 4ක් යටතේ මෙම පවුල් සඳහා ප්‍රතිලාභ හිමිවන බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
දේශීය වෙළෙඳපොළේ පවතින නාඩු සහල් ප්‍රමාණය සැලකිල්ලට ගෙන, නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
වෙළෙඳ පොළේ පවතින නාඩු සහල් හිගය සම්බන්ධයෙන් කෙටි කාලීන විසඳුමක් ලෙස නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වෙළෙඳ , වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
Page 19 of 632