විදුලිබිල ඉහළ දැමුණ ද නිසි කළමණාකරණයක් යටතේ විදුලිය භාවිත කිරීමෙන් මාසික විදුලි බිල අඩුකර ගත හැකි බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් හර්ෂ වික්‍රමසිංහ පැවසුවේ විදුලි බිල අවම කර ගැනීම සදහා අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීමට හුරුවීම ද ඉතා වැදගත් බවයි.
ග්ලයිෆොසෙයිට් වල්නාශකය ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ, මුදල්, ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.
අද(15) අලුයම 12:00 සිට QR කේතය යටතේ ලැබෙන ඉන්ධන කෝටාව ස්වයංක්‍රීය ලෙස යාවත්කාලීන කර තිබේ.
බඩඉරිගු ඇතුළු අනෙකුත් බෝග සදහා ද නියාමනයක් යටතේ ග්ලයිෆොසෙට් වල්නාශකය ලබාදීමේ වැඩපිළිවෙල ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ග්ලයිෆොසෙට් වල්නාශකය ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා.
They had received directives from the then President, Gotabaya Rajapaksa, to buy office space within one kilometre of the Presidential Secretariat so that it would be more convenient for him
පොලොන්නරුව සහ වැලිකන්ද දුම්රිය ස්ථාන වලට යාබද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ට අයත් ඉඩම් වල ස්ථාපිත කර ඇති දැනට භාවිතයට නොගෙන වල්බිහි වී ඇති ඛනිජ තෙල් සංස්ථාවට අයත් තෙල් ටැංකි සියල්ල ප්‍රතිසංස්කරණය කොට යලි ඛනිජ තෙල් ගබඩා කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බව ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.
රට මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හමුවේ රජයේ වියදම් දැඩි ලෙස සීමා කරන ලෙස දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ සියයට 80 පැමිණීම නොසලකා හැරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
සංශෝධනය කෙරුණු දේශීය තැපැල් ගාස්තු අද සිට ක්‍රියාත්මක බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. පිරිවැය අවම කිරීම සදහා 2018 වසරින් පසුව තැපැල් ගාස්තු එලෙස ඉහළ දැමුණු බවත් ඒ අනුව රුපියල් 15 ක්ව පැවති සාමාන්‍ය ලිපියක තැපැල් ගාස්තුව රුපියල් 50 ක් දක්වා ඉහළ යන බවත් නියොජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පැවසුවා.
මේ වන විට ක්‍රියාත්මක ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR ක්‍රමය තවත් සැලකිය යුතු කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදු වනු ඇතැයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
එළඹෙන සඳුදා සිට සතියේ දින 05 පුරාවට පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද තීරණය කර තිබෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ බලධාරීන් විසින් අද පැවති සාකච්ජාවේදීය.
ඉකුත් දා පැවැති විරෝධතා අතරතුර ජනාධිපති මන්දිරයේ දේපළවලට සිදුවූ හානි පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ජනාධිපති මන්දිරයට ඇතුළු වූ පිරිස් විසින් විනාශ කරන ලද සහ සොරකම් කරගෙන යන ලද දේපළ සම්බන්ධයෙන් ස්ථිර වශයෙන් සහ නිවැරදිව තහවුරු කරගැනීම එහි අරමුණයි.
Page 148 of 642