වනජීවී දෙපාර්තමේන්තුවේ රාජකාරී සඳහා වෙනත් රාජ්‍ය ආයතනවල සේවකයින් යොදවා ගැනීමට සාකච්ඡා කරන බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
දිනෙන් දින උග්‍ර වන අලි මිනිස් ගැටුම පාලනය සඳහා වනජීවී නිලධාරීන්ගේ අඩුවක් පවතින බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඊට අමතරව තවත් ගැටළු රැසක් ඒ සඳහා බලපා ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.
පවතින සීමිත සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් ගම්වදින වන අලින් පලවා හැරීමට කටයුතු කරන ලෙස වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ද අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී සඳහන් කළා.
Neth