Monday, November 18, 2024
Follow Us
නව දිගු කාලීන වීසා බලපත්‍රයක්

සංචාරක ව්‍යාපාරය ඉහළ නංවන්න ගත් තීරණය


රටවල් 35ක් සඳහා මාස 06ක නවාතැන් සහිත වසර 5ක බහු ප්‍රවේශ සංචාරක වීසා බලපත්‍රයක් ශ්‍රී ලංකාව විසින් අනුමත කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසයි.

නව වීසා බලපත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

වසර 1ක බහු ප්‍රවේශ සහ තනි ප්‍රවේශ සංචාරක වීසාවලට අමතරව නව වීසා බලපත්‍රය අනුමත කර ඇති බව ඔහු වැඩිදුරටත් එහි දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ පුනරාවර්තන සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා නව වසර 5ක බහු ප්‍රවේශ සංචාරක වීසා බලපත්‍රය ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Aruna