Monday, November 18, 2024
Follow Us
උසස් පෙළ සමත් සිසු සිසුවියන්ට විශේෂ පණිවිඩයක්

සරසවි ප්‍රවේශයට අයැදුම්පත් භාරගැනීමේ ක්‍රමය වෙනස් වෙයි


මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය සමත්වූවන්ගෙන් සරසවි ප්‍රවේශය සඳහා අයැදුම්පත් භාර ගැනීම සැප්තැම්බර් 05 වැනිදා සිට සැප්තැම්බර් 23 වැනිදා දක්වා කාලයේදී මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග පැවසීය.

එම අයැදුම්පත් යොමු කිරීමේදී අයැදුම්කරුවන්ගේ ජාතික හැඳුනුම්පත අනිවාර්ය වන බවත් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයැදුම්පත් යොමු කිරීමේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ නිවැරැදිව සැලකිල්ලට ගැනීම වැදගත් බවත් හෙතෙම අවධාරණය කළේය.

ඔහු මේ මේ බව සඳහන් කළේ ඊයේ (30 වැනිදා) ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.

2021 අධ්‍යන වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව සිසුන් හතළිස් දෙදාස් පන්සිය දහනව දෙනකු සරසවි සඳහා බඳවා ගන්නා අතර, ඉන් වෛද්‍ය පීඨ සඳහා සිසුන් දෙදාස් තිස්පස්දෙනකු සහ ඉංජිනේරු පීඨ සඳහා සිසුන් දෙදාස් දෙසිය තිස්අට දෙනකු බඳවා ගැනීමට නියමිතය.

විශ්වවිද්‍යාල සඳහා මෙවර අධ්‍යන සඳහා පාඨමාලා කිහිපයක් අලුතින් ආරම්භ කර ඇති අතර, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුළ පරිගණක විද්‍යාව පිළිබඳව නව පීඨයක් පිහිටුවා ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

Aruna