ඇමති රෝෂාන්ගෙන් චෝදනාවක්
ලක්ෂ 16ක් පමණ වු රාජ්‍ය සේවයේ නිරතවුවන්ගෙන් දස ලක්ෂයක් පමණ කිසිඳු ඵලදායී සේවාවක් සිදු නොකරන බව අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
රාජ්‍ය සේවය රාජ්‍ය සේවකයින් විසින්ම විවේචනය කරන තත්ත්වයට පත්ව ඇති බව කුරුණෑගල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ දේශපාලඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ඇතුළු සියලු දෙනාට නිසි වගකීමක් කාලවකවානුවක් සහිතව ලබාදිය යුතු බවත් දේශපාලඥයා, රාජ්‍ය සේවකයා හා මහජනතාවත් කැපවීම් සිදු කළ හොත් රට ඉක්මනින් ගොඩගැනීමට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
“දේශපාලඥයින්ට තියෙනවා ලොකු කැපකිරීමක් කරන්න. ඒ අයට මහන්සි වෙන්න වෙනවා. ජනතාවගේ ප්‍රශ්නවලට ක්ෂණික තීන්දු දෙන්න ඕනේ. ඒ වගේම තමා රාජ්‍ය සේවය. රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. මම බොහෝම පැහැදිලිවම කියනවා අවංකව තමන්ගේ සේවය කරන්නේ මේ ලක්ෂ 16 යෙන් ලක්ෂ 6යි. ඒක තමා ඇත්ත. රාජ්‍ය සේවකයෝමයි විවේචනය කරන්නේ රාජ්‍ය සේවය. තුන්දා නීතිය වගේ වැඩපිළිවෙලක් ගේන එක අනිවාර්යයෙන්ම කාලෝචිතයි කියන එක අපි දන්නවා. ඒ නිසා මෙවැනි ක්‍රියාමාර්ග ගත යුතුමයි. මෙතැනින් එහාට වැටෙන්න තැනක් නෑ. උපරිම වැටිලා ඉන්නේ. හැබැයි ගොඩඑන එක වේගයෙන් ගොඩ එන්න පුළුවන් දේශපාලඥයා සහ රාජ්‍ය සේවකයා කැපවීම් කළොත්.”
Aruna