එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් බලපෑමට ලක්වූ වෙරළ ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු තවත් වසරකට වැඩි කාලයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.
එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර පැවසුවේ අදාළ නෞකාවෙන් මුහුදට වැටී මුහුදු පතුලේ ඇති ද්‍රව්‍ය තවමත් විටින්විට වෙරළට ගොඩගසන බවයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටී වෙරළට ගොඩගසන ලද අපද්‍රව්‍ය ටොන් 1600 ක් පමණ දැනට එක්රැස් කර ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළා.
Neth