අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට අදාළ කොන්දේසි කිහිපයක් පනවමින් පාරිභෝගික අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
පාරිභෝගිකයෙකු ඉල්ලුම් කරන ලද භාණ්ඩයක් සාධාරණ කාලසීමාවක් යටතේ නොපමාව සැපයිය යුතු අතර ප්‍රමාණවත් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් සන්තකයේ තබා ගත යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන්.
ඒ අනුව සහල්, තිරිගු පිටි, බිත්තර, පරිප්පු, ටින්මාළු, කිරිපිටි, සුදුළුණු, කුකුල්මස්, මුං ඇට, අර්තාපල්, වියළ් මිරිස්, සීනි, එමෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය සිමෙන්ති, ගඩොල්, වැලි, වානේ, මෝටර් රථ අමතර කොටස්, පොහොර සහ කෘෂි රසායන ද්‍රව්‍ය ආදිය විකිණීමේදී එම භාණ්ඩයේ ප්‍රමාණය පාරිභෝගිකයාගේ අනන්‍යතාව, දිනය සහ වටිනාකම ඇතුළත් කුවිතාන්සියක පිටපතක් සෑම අවස්ථාවකම සන්තකයේ තමා ගත යුතු බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්.
http://nethnews.lk/article/98217
Neth