යුද සමයේ සරණාගතයන් ලෙස ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම කමිටුව පත්කළ බවයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ගොන්ගල රේඩාර් ව්‍යාපෘතියෙන් රජයට සිදුවූ අලාභය ඊට වගකිව යුතු නිලධාරීන්ගෙන් අය කරගන්නා ලෙස විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබේ.
සහල් මිල පාලනය කර ගැනීමට මේ වනවිට රජය සමත් වී සිටින බව වෙළද, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් මේ වනවිට විශාල වශයෙන් අඩුවී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළ එහි වාසිය ග්‍රාමීය මට්ටමින්ද පාරිභෝගිකයින්ට හිමිවනු ඇති බවත් අමාත්‍යවරයා කියාසිටියා.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරණ ඒකකයක් පිහිටුවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයින්ට දේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අවම පෝෂණ මට්ටමක් හෝ සපුරා ගත නොහැකි පවුල් සඳහා රුපියල් 10,000 ක මුල්‍යාධාරයක් පිරිනැමීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙම මාසයේ සිට වසරේ ඉදිරි කාලය සඳහා මෙම දීමනාව ලබාදෙනු ඇත.
The main framework of restructuring the Ceylon Electricity Board (CEB) will be presented to the cabinet of ministers by the end of this month, Power and Energy Minister Kanchana Wijesekera said.
Page 138 of 642