භාරදුන් අභියෝගය භාර ගෙන දකුණේ ඝාතන රැල්ල නිසැකවම මර්දනය කරන බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසනවා. ගාල්ල මාපලගම සිරිසුනන්ද ජාතික පාසලේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ උත්සවයට ඊයේ සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ලබන වසරේ සිට ම පළමු ශේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
රට ගොඩනැගීම සඳහා එක්වන්නැයි කිසිදු බේදයකින් තොරව සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සීත ඍතුවේ ලෝක වෙළඳපලේ ගෑස් ඉල්ලුම ඉහළ ගිය ද ඉදිරියේදී මෙරට ගෑස් මිල යම් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යා හැකි බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
දැනට රටතුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරට මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. ඉදිරියේදී පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වා දී ඇත.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සහතික කර මහජනතාව වෙත නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛණයක සහතික පිටපත් මාස 06 ක කාලසීමාකින් අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.
ඉන්ධන නොමැතිව දෛනිකව ඉන්ධන පිරවුම්හල් 300ක් පමණ වසා දැමීමට සිදුව ඇති බවට පළවන වාර්තා පූර්ණ සත්‍යතාවයෙන් තොර බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරයි.
අමාත්‍යාංශයීය උපදේශක කාරකසභා 09ක් සඳහා සාමාජිකයන් පත් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
Page 137 of 642