Sunday, November 17, 2024
Follow Us
අල්ලස් කොමිසමේ නඩු 39ක් රිවස්

අල්ලස් කොමිසමේ තාක්ෂණික දෝෂ


අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරන ලද නඩු තිස් නවයක් තාක්ෂණික දෝෂ යැයි කියමින් පසුගිය වර්ෂයේ දී ඉල්ලා අස්කරගෙන තිබේ.

මේ අතරින් නඩු තිස් දෙකක් 2015 වසරේ සිට 2018 වසර දක්වා වූ යහපාලන ආණ්ඩු සමයේ පවරන ලද නඩු වන අතර 2015 ට පෙර පැවරූ නඩු පහක් සහ 2019 වසරේ පවරන ලද නඩු දෙකක් ද ඒ අතර වෙයි.

මෙම නඩු ඉල්ලා අස් කරගෙන ඇත්තේ තාක්ෂණික දෝෂ මගහරවාගෙන යළි නඩු පැවරීම සඳහා යැයි එම කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබෙන නමුත් එවන් තත්ත්වයක් දක්නට නැතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද තාක්ෂණික දෝෂ මගහරවාගෙන නැවත එම නඩු පැවරිය යුතු බවට විගණකාධිපතිවරයා නිර්දේශයක් ද කර ඇත.

ඉකුත් 2019 සහ 2020 යන වසරවල දී ද විවිධ හේතු මත කොමිෂන් සභාව විසින් නඩු දහයක් ඉල්ලා අස්කරගෙන තිබේ.

Aruna