ප්‍රමාණවත් පරිදි තිරිගු පිටි නොලැබීම සහ පිටි මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් මෙරට බේකරි කර්මාන්තය කඩා වැටීමට ලක්ව ඇති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ මේවනවිට මෙරට බේකරි 2000 කට වැඩි සංඛ්‍යාවක් වසා දමා ඇති බවයි.
එදා අරගලකරුවන් විසින් පාර්ලිමේන්තුවත් අත්පත් කරගත්තේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය එතැනින්ම අවසන් වීමට ඉඩ තිබුණු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Telecommunication providers said that they will increase all mobile and broadband charges by 20% and pay TV by 25% with effect from September 5.
ආන්දෝලනයට තුඩු දුන් චීන පොහොර නෞකාවේ නියැදි ගෙන්වා රසායනාගාර පරීක්ෂාවන්ට ලක් කිරීමට පෙර තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සැපයුම්කරුවන්ගෙන් පොහොර ගෙන්වීමට නිර්දේශ ලබාදී තිබූ බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවේ සඳහන් වනවා.
නව කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී නම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය කාන්තාවකටම භාරදිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ රාජ්‍ය ආයතනවලින් තොරතුරු ලබාගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා දුරකථන, වට්ස් ඇප් සහ විද්‍යුත් තැපෑල (Email) භාවිතයට ගැනීමට රජය තීරණය කර තිබේ.
කෙටිකාලීන බෝග වගා කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ඉඩම් ලබාදීමට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර තිබෙනවා. බදු පදනම යටතේ වසරක සීමිත කාලයක් සඳහා මෙම ඉඩම් ලබාදෙන අතර ඒ සඳහා පර්චසයකට රුපියල් 100 ක් වැනි ඉතා සුළු මුදලක් අය කරන බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
දැනට මෙමරි චීපය සහිත රියැදුරු බලපත්‍ර ඉවත් කරමින් කිව් ආර් කේතාංකයක් සහිත නව කාඩ්පතක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය හරහා රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස් සීමාව 60 දක්වා අඩු කිරීමට යෝජනා කළේය. මෙම යෝජනාවට අනුව දෙසැම්බර් 31 වැනිදා වනවිට වයස 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යාමට සිදුවනු ඇත.
සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බිදුලිබල සැපයුම හා ඊට අදාළ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාව නැවත වරක් අත්‍යාවශ්‍ය සේවාවන් බවට නියම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සැප්තැම්බර් 03 වන දින සිට බල පැවැත්වෙන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Page 139 of 642