මෙරටට ආනයනය කර බෙදා හරින ලද සහල් විෂ සහිත බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
මෙරටට ආනයනය කරන ලද සහල් රසායනික බහුලව අඩංගු බවට පළිබෝධනාෂක රෙජිස්ටාර් කාර්යාලය කළ පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
කෙසේවෙතත් 2017 වසරේ සිදු කළ වාර්තාවක් උපයෝගී කරගනිමින් එම ප්‍රවෘත්තිය සකස් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. වැඩබලන පළිබෝධනාශක රෙජිස්ටාර් ලසන්ත රණවීර ඒ පිළිබඳව තහවුරු කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
Neth