Friday, October 07, 2022
Follow Us
සිපෙට්කෝ ඉන්ධනහල් ගැන රජය හදිසියේ ගත්ත තීරණය මෙන්න

විදුලිබල හා බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්


ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හල් 1250 න් කොටසක පාලනය පෞද්ගලික සමාගම්වලට ලබන නොවැම්බර් මසයේ පවරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා

ඒ අනුව එම සමාගම්වලට ඉන්ධන ආනයනය කිරීමට, ඉන්ධන බෙදාහැරීමට සහ ඉන්ධන අළෙවි කිරීමට බලය ලබාදීමට බලාපොරොත්තු වන බව කී අමාත්‍ය විජේසේකර ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති සමාගම් 24 න් සුදුසුකම් සපුරන සමාගම් කිහිපයකට අවස්ථාව දීමට නියමිත බව ද සඳහන් කළේය.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව පාලනය කරන ඉන්ධන පිරවුම්හලින් කොටසක් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවන් වෙත ලබාදීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා පැවැති රැස්විමේදී අමාත්‍යවරයා එසේ පැවසීය.

Aruna