Sunday, November 17, 2024
Follow Us
ජනපතිගේ බ්‍රිතාන්‍යය සංචාරයට එක්වූ දූත පිරිස ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බ්‍රිතාන්‍යය සංචාරයට සහභාගී වූ දූත පිරිස සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

දෙවන එලිසබෙත් රැජිනගේ අවමංල්‍යය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යය බලා ගියේ නිල ආරාධනයකට අනුව බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ජනාධිපතිවරයා සමග ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්‍ෂ දිනුක් කොළඹගේ සහ ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා පමණක් එම නිල දූත පිරිසට එක්ව සිටි බව එම නිවේදනයේ දැක්වෙනවා.

ජනාධිපතිවරයාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එම සංචාරයට එක්ව ඇත්තේ ඇයගේ පෞද්ගලික වියදමින්.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පසුගිය 19 වනදා පැවැති
ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට සහභාගී වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ පුද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුර බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.

Neth