Sunday, November 17, 2024
Follow Us
රාජ්‍ය නිළධාරීන්ගේ ඇඳුම් ගැන අලුත් චක්‍රලේඛයක් එයි

රාජ්‍ය නිළධාරීන් සේවයට වාර්තා කිරීමේදී භාවිතා කළයුතු ඇඳුම් සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසනවා. ඊට අදාල උපදෙස් මේ වනවිටත් ලබා දී ඇති බවයි ලේකම්වරයා ප්‍රකාශ කරන්නේ.

කාන්තාවන් සේවයට වාර්තා කිරීමේදී සාරිය, ඔසරිය හෝ වෙනත් සුදුසු ඇඳුමක් භාවිතා කළහැකි බවට මීට පෙර චක්‍රලේඛයක් මගින් උපදෙස් ලබා දී තිබිණි. කෙසේ වෙතත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් එම උපදෙස් නිවැරදිව තේරුම් ගෙන නොමැති බවත්, සුදුසු ගැලපෙන කාර්යාල ඇඳුමක් යන්න අමතක කර මුල් කොටස පමණක් ක්‍රියාත්මක කරන බවත්, ලේකම්වරයා පවසනවා.

මෙම තත්වය මත කාන්තාවන් සඳහා සුදුසු කාර්යාල ඇඳුමක් භාවිතා කිරීමට ඉඩ දෙමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කළ බව ඔහු සඳහන් කරයි.

LNW