Sunday, November 17, 2024
Follow Us
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාවට ජනපතිගෙන් ඇරයුමක්

සමෘද්ධිමත් ජාතියක් වීමට එකට එක්ව බංකොලොත්භාවයට එරෙහිව සටන් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග පැවැති හමුවකදී ජනාධිපතිවරයා එය අවධාරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඩයස්පෝරා කාර්යාල ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ නිර්මාණය වී ඇති නව ආයෝජන අවස්ථා සඳහා එක්වන ලෙස ද ජනාධිපතිවරයා එහිදී ඔවුන්ට ඇරයුම් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්ලයාලය සංවිධාන කර තිබූ එම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්, අයෝජකයින් සහ වෘත්තිකයින් රැසක් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Neth