දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත නුදුරේදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
අතීත වැරදි යළි සිදු නොවන ලෙස නීති රීති සහ පසුබිම සකසමින් රට ගොඩනඟනවා.
ශ්‍රී ලංකා මාතාව ආර්ථික වැල් පාලමෙන් එගොඩ කිරීමට තමා ක්‍රියා කළ බව අද ජාත්‍යන්තරය පිළිගෙන තිබෙනවා
වර්තමාන වෙහෙසීමේ හා කැපවීමේ ප්‍රතිඵල නුදුරේදීම ලැබේවි
දුෂ්කරතා ඉවසමින්, සන්සුන්ව කටයුතු කළ ජනතාවට මගේ ප්‍රණාමය පුද කරනවා.
ජනපති පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පවසයි
සන්ධාන භාෂාවක් වශයෙන් ඉංග්‍රීසී භාෂාවට හිමි වන සුවිශේෂ වැදගත්කම සලකා මාර්තු 30 සිට එක ශ්‍රේණියේ සෑම පන්තියක ම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ) තෙවන වාරය 2023 මාර්තු මස 24 සිකුරාදායින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරටට ලැබුණු මඩ පොහොර (TSP) යල කන්නයේ වී වගා කටයුතු ආරම්භයට පෙර අප්‍රේල් මස 10 වනවිට සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා අවසන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
මේ වනවිට ශ්‍රී ලංකාවට ලැබී ඇති මඩපොහොර හෙවත් ත්‍රිත්ව සුපිරි පොහොර (TSP) මෙට්‍රික් ටොන් 36,000ක ප්‍රමාණයක් අද ( 20 ) සිට නොමිලයේ බෙදා හැරීමට නියමිතය.
මෙරට පාසල් සිසු දරුවන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත් කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කරමින් දිස්ත්‍රික්ක කිහිපයක පුරන් ඉඩම්වලට ජලය සපයන උමාඔය ජල විදුලි ව්‍යාපෘතියේ ප්‍රගතිය පසුගියදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරිණී.
නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ඒකකයේ බිඳවැටීමක් පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.
ශ්‍රී ලාංකික හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොළ අවස්ථා ලබාදීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව විසින් සංවිධානය කරන ලද “Crafting Ceylon” අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම්( Ground Handling) ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකා ගුවන් තොටුපොළ සමාගමට පැවරීමට තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
වත්මන් ආර්ථික අර්බුදයට හේතුවූ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා විසින් සිදු කළ විමර්ශනයේ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
2022 - 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව පරික්ෂණයේ ප්‍රතිඵල මත 2023- 6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
පන්ති කාමරය තුළ නිසි අවධානයක් ඇති ව වඩාත් ප්‍රශස්ත අයුරින් අධ්‍යාපන කටයුතුවල නියැලීමට පාසල් දරුවන්ට අවකාශ සැලසීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කරන පාසල් පෝෂණ වැඩසටහනේ ප්‍රතිලාභ පාසල් දරුවන් වැඩි ප්‍රමාණයකට ලබා දීම සඳහා ඇමරිකානු රජය අනුග්‍රහය දක්වා ඇති අතර එම පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය ඇඹිලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග එක් වූවා ය.
Page 87 of 644