Tuesday, August 26, 2025
Follow Us
ඉන්ධන කෝටා ගැන තීරණය අද

අලුත් අවුරුද්ද වෙනුවෙන් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව එලෙසම පවත්වාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද(17) පැවැත්වෙන බව වාර්තා වෙයි.


පසුගිය 4වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වාහන සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගත්තේය.

අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාවගේ අමතරව ඉන්ධන අවශතාව සපුරාලීම වෙනුවෙන් සියලුම වාහන වලට ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ නැංවීමට පියවර ගැණුනි.

එහෙත් ඉහළ නැංවූ ඉන්ධන කෝටාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබද තීරණය කිරීමේ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.