Tuesday, August 26, 2025
Follow Us
විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් 8ක් පත් කරයි

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු දිවයිනේ රෝහල් කිහිපයක් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් 08 දෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පත් කරනු ලැබ තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙලෙස එම වෛද්‍යවරුන් පත් කරනු ලැබ තිබේ.

ඒ අනුව මේ වන විට පුරප්පාඩුව පවතින එම විශේෂඥ වෛද්‍යවරුන්ගේ රාජකාරි කටයුතු මෙම පත් කිරීම් හරහා ඉදිරියේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇත. මේ අනුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, උඩුගම මූලික රෝහල, කඹුරුපිටිය මූලික රෝහල, කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල, දික්ඔය මහ රෝහල හා මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල යන රෝහල් සඳහා වැඩබලන නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් පත් කරනු ලැබූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.