Tuesday, August 26, 2025
Follow Us
අක්කර 100ක තේ, පොල්, රබර්, කුරුදු නව වගාවක්

ආදර්ශ නව වගාවන් ලෙස තේ, පොල්, රබර් , කුරුදු භෝග මුල්කොට ගෙන අක්කර 100 ක නව වගා ආරම්භයක් රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ගාල්ල වලහන්දූව වතුයායේදී කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( 20) සිදුකෙරිණි.

රාජ්‍ය වැවිලි සංස්ථාව මූලිකත්වය ගනිමින් තේ මණ්ඩලය , තේ පර්යේෂණ ආයතනය , පොල් පර්යේෂණ ආයතනය , පොල් සංවර්ධන මණ්ඩලය , සුළු අපනයන භෝග දෙපාර්තමේන්තුව, රබර් පර්යේෂණ ආයතනය ,කුඩා තේවතු සංවර්ධන අධිකාරිය ආදි වැවිලි අමාත්‍යංශය යටතේ වන ආයතන රැසක සහයෝගීතාවයෙන් මෙම ව්‍යාපෘතිය දියත් කෙරිණි. මෙම සියලු වගාවන් තාක්ෂණයට අනුගතව අනාගතවාදීව සිදුකෙරෙන අතර ප්‍රජා සහභාගිත්වය සහිතව මිශ්‍ර අතුරුභෝග වගාවන් සිදුකිරීමටද නියමිතයි.