Tuesday, August 26, 2025
Follow Us
එළු පාලනය ගැන තීරණයක්

මෙම වසරේ එළුවන් 70,000ක් රැකියා නැති තරුණයන්ට නොමිලයේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි.

ලංකාවෙි එළු පාලනය පුළුල් මට්ටමින් සිදු නොවෙන නිසා එළු පාලනය ආශ්‍රිත නිෂ්පාදන වන එළු මස් හා එළු කිරි වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කරනු ලබයි. එමෙන්ම එළු සම් ලබා ගැනීම හා එළු පොහොර නිෂ්පාදනය මගින්ද ඉහළ ආදායමක් ලබා ගත හැකිය

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වසරේ ග්‍රාමීය වශයෙන් එළු පාලනය ඉහළ නැංවීම සඳහා මෙම පියවර ගෙන තිබෙි.

මීට කෘෂිකර්ම අමාත්‍යාංශය වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 150කි.

ඒ අනුව මෙම වසර අවසන් වන විට එළුවන් 70,000ක් ලබා දෙන අතරම 2024 වසරේ දී එම ප්‍රමාණය තවදුරටත් ඉහළ නැංවීම අරමුණ වේ.

ජම්නපාරී, කොට්ටුකච්චි, බෝයර් හා සානන් යන එළු වර්ග ගොවීන්ට ලබා දීමට නියමිතය.