Friday, February 13, 2026
Follow Us
State

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම්වලදී හා විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවන්හිදී අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීම පිණිස විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයෙ තීරණය කර ඇත.

State

උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරයේ සිට වවුනියාව දක්වා කොටසේ සංවර්ධන කටයුතු ඉදිරි මාස පහ තුළ අවසන් කරන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය - 2023 සඳහා අයදුම්පත් කැඳවා තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. 

State

පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ 2022 නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලට අදාළ ව පළාත් මට්ටමින් ආහාර සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ව තිබූ මුළු මුදල රුපියල් බිලියන 2.4ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නැත.

State

සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් චූලානන්ද පෙරේරා පත්කර තිබේ.

State

බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ.

State

2022/23 මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

State

2022 යල කන්නයේ දී හෙක්ටෙයාර් එකකින් වී කිලෝග්‍රෑම් 3207ක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

State

රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ගෙන් ගුරු සේවයට 26,000ක් බඳවා ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත් ඔහුව  ඉවත්කිරීමට අදාළ චෝදනා පත්‍රය මේ වනවිට සකස් කර අවසන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

State

නිදහස් දින සැමරුම් උත්සවය උත්කර්ෂවත් මෙන්ම අභිමානවත් ලෙස අවම පිරිවැයක් යටතේ සිදු කිරීම සම්බන්ධයෙන් වූ පූර්ව සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

State

කිසිම ආයතනයක් වැසීමට තීරණය කර නොමැති බවත්  ආයෝජනයක් කරනවාද නැතිනම් කළමනාකාරීත්වයකට භාර දෙනවාද යන ක්‍රම පිළිබඳ සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 

State

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලුගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State
 
හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසුවූ ඩිජිටල් ආර්ථිකය අතික්රමණය කිරීමට අවශ්ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
State

මෙතෙක් ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාව අද (30) පන්නල, එලිබ්ච්චිය ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.

කොරියානු ජනරජයට අයත් කැට පොහොර නිෂ්පාදන සමාගමක් වන Hyosong OnB සමාගම විසින් 100% පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාව මගින් සිදු කරයි.

මෙම කර්මාන්ත ශාලාව මුළුමනින්ම අධිතාක්ෂණික උපකරණවලින් සමන්විත වන අතර, කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා රොබෝ තාක්ෂණය පවා යොදාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1,800ක් මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදන කිරීමට නියමිතය.

ඩොලර් මිලියන 05ක් වැනි මුදලක් ආයෝජනය කරමින් මෙම කර්මාන්තශාලාව මෙරට පිහිටුවීමට කටයුතු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරිණි.

State
  • 2019 වසරේදී ආදයම් බදු, වැට් සහ ජාතික සංවර්ධන බදු ලිපිගොණු ලක්ෂ 16 2020 දී ලබාදුන් බදු සහන සමඟ ලක්ෂ හතරකට අඩු වීම නිසා සිදුවූ රාජ්‍ය ආදායමේ පහත යාම ආර්ථික අර්බුදයට මූලික හේතුවක්.
  • 2022 වර්ෂයේ සෘණ11% ක්ව පැවති ආර්ථික වර්ධන වේගය මේ වසරේදී සෘණ 3.5 හෝ සෘණ 4.0% විය හැකියි.
  • 2024 වර්ෂයේ සිට රටේ ආර්ථිකය ධනාත්මක වර්ධනයකට ගෙන යනවා.
  • මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරනවා– ජනපති අනුරාධපුරයේ දී කියයි.
State

දුම්රිය මගින් එළවළු සහ පළතුරු ප්‍රවාහනය කිරිමේ ව්‍යාපෘතිය  පිළිබඳව සවිස්තර වාර්තාවක් කඩිනමින් සකස් කිරීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.