ඉන්ධන පිරවුම්හල් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීම සඳහා එම පිරවුම්හල ලබාගන්න ඇනවුම් වලින් 80% දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
පෙර සතියේ කිව්.ආර්. කේතය හරහා ඉන්ධන අලෙවිය අඩු මට්ටමක තිබු ඉන්ධන පිරවුම්හල් 66ක් තාවකාලිකව අත්හිටුවීමෙන් පසු සියයට 60 ක් පැවැති කිව්.ආර්. කේතය හරහා ඉන්ධන අලෙවිය 80%කට වඩා ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන්නේය.
උත්සව සමයේ පවතින ඉන්ධන ඉල්ලුම් අනුව ඉදිරි දින කිහිපය වෙනුවෙන් දෛනික ඉන්ධන බෙදාහැරීම වර්ධනය කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
ඒ අනුව දෛනිකව පෙට්‍රල් 92 මෙට්‍රික්ටොන් 4,650ක් සහ ඔටෝ ඩීසල් දෛනිකව මෙට්‍රක්ටොන් 5,500ක් නිකුත් කර බෙදා හරින බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.