2023 අප්‍රේල් මස 14 වන දිනට යෙදෙන අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලීමේ නැකතට සමගාමීව දියත් කරන “අවුරුද්දට සිරිතක් - පරිසරයට පැළයක්” වැඩසටහනනේ සමාරම්භක උළෙල ඊයේ (14) මධ්‍යම පරිසර අධිකාරිය පරිශ්‍රයේ දී පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. හේමන්ත ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විය.
මෙහිදී, පරිසර අමාත්‍යවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැළ හතරක් මධ්‍යම පරිසර අධිකාරිය පරිශ්‍රයේ සිටුවනු ලැබීය. මෙම වැඩසටහන අප්‍රේල් මස 14 වන දිනට යෙදෙන වැඩ ඇල්ලීමේ නැකතෙන් ඇරඹෙන අතර අප්‍රේල් මස 20 වන දිනය දක්වා (20 දිනය ද ඇතුළුව) සතියක කාලය තුළ දී පැළයක් සිටුවා ඕනෑම අයෙකුට මෙම වැඩසටහනට සම්බන්ධ වියහැකිය.
“අවුරුද්දට සිරිතක් - පරිසරයට පැළයක්” වැඩසටහන සමඟ ඕනෑම වයස් කාණ්ඩයකට අයත් පුද්ගලයෙකුට එනම් ළමා, තරුණ, වැඩිහිටි ඕනෑම පුද්ගලයෙකුට සම්බන්ධ වියහැකිය. ඖෂධ පැළයක්, දැවමය වටිනාකමකින් යුතු පැළයක්, පළතුරු පැළයක්, හෝ ආහාර අවශ්‍යතාව සපුරාලන පැළයක් මෙම වැඩසටහනට අදාළව රෝපණය කළ හැකිය. සිටුවන පැළය දීර්ඝ කාලීනව පවතින ශාකයක් වීම වැදගත් වේ. පැළය සිටුවනු ලබන්නාගේ නම, වයස, ලිපිනය, දිස්ත්‍රික්කය, ග්‍රාමසේවා වසම, දුරකථන අංකය, සිටුවන පැළයේ නම, සිටුවන අවස්ථාවේ පැළයේ උස යන තොරතුරු සමඟ පැළය සිටුවන අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවීමෙන් මෙම වැඩසටහන සඳහා ඇතුළත්වී ලියාපදිංචිය ලබා ගත හැකිය.
පැළය සිටුවා මාස තුනක් ගතවූ පසු සිටවූ පැළයේ වර්ධනය, නඩත්තුව පිළිබඳ ඡායාරූපයක් අදාළ විද්‍යුත් ලිපිනයට එවීම මගින් ඇගයීම් ක්‍රියාවලියේ එක් කාර්ය සාධන අවස්ථාවක් සම්පූර්ණ වන අතර ඒ සඳහා විද්‍යුත් සහතියක් ලබාදෙනු ලැබේ. වසරකට පසු සමීක්ෂණයක් සිදුකරනු ලබන අතර විනිසුරු මඩුල්ලක් මගින් සෑම දිස්ත්‍රික්කයකම හොඳින් සරුවට වැඩුණු ශාක තෝරා පැළය රෝපණය කර නඩත්තු කළ පුද්ගලයින්ට ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමට කටයුතු කරයි. “අවුරුද්දට සිරිතක් - පරිසරයට පැළයක්” වැඩසටහන පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධාන කරයි.