Wednesday, November 06, 2024
Follow Us
ගල් අඟුරු නැව් පෙළක් එයි

මේ වන විට ලංකා ගල් අඟුරු සමාගම විසින් නොරොච්චෝලේ, ලක්විජය බලාගාරයට මෙම වාරය වෙනුවෙන් අවශ්‍ය ගල් අඟුරු නෞකා 22ක් ලබා ගෙන අවසන් කර ඇති අතර 23වන නෞකාව ගොඩබාමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම වාරය වෙනුවෙන් විදුලිබල මණ්ඩලය පුරෝකථනය කල ජනන සැලසුමට අනුව ගල් අඟුරු නෞකා 30ක් අවශ්‍ය අතර 24-26 වන නෞකා මේ වන විටත් පුත්තලමට සේන්දු වී ඇති අතර 27-29 නෞකා මැයි මස 1වන දිනට ප්‍රථම ළඟා වීමට අවශ්‍ය කටයුතු සිදු කර ඇත.

30 වන නෞකාව මැයි මස පළමු සතියේ ළඟා වීමට නියමිතය .

මේ අනුව පසුගිය කාලය පුරා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සහ මාධ්‍ය මගින් ගෙන ගිය අසත්‍ය සහ නොමග යවන සුළු ප්‍රචාර ව්‍යර්ථ වී ඇති අතර ලක්විජය බලාගාරය මෙම වාරය වෙනුවෙන් උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය ලබා ගැනීමට හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.